Notice: Dear Valued Customers, Please note that we have moved to new location.
Our new address is No. 216A, Galle Road, Ratmalana.
In front of Mount Lavinia Police Station
Shopping Cart
Cart Subtotal

Soldering Techniques Self Learning (සිංහල) DVD pack.

Rs 1,250.00
In stock
SKU
LTDVDPACK01
Soldering Techniques Self Learning (සිංහල) DVD pack.

Details

මුලින්ම ඔබ ආධුනිකයෙක් නම් හෝ වැඩ ආරම්භ කරන්නට සිතා සිටින කෙනෙක් නම්, අනිවාර්යයෙන්ම තමාගේ වැඩ මේසයේ අවම වශයෙන් තිබිය යුතුම උපකරණ හදුනාගෙන සීටීම වැදගත් කරුණක් වෙනවා. වීඩීයෝ පටයේ විස්තර කරන මේ උපකරන තියනවා නම් ඕනෑම පරිපථ පුවරුවක් එකලස් කිරීමට හා,  අලුත් වැඩියා කිරීමට ගෙදරදීම ඔබට පුලුවන්. ඉතින් ඒ උපකරණ මොනවාද යන්න දැනගන්නට කලින් ඇයි ඒවා උවමනා වෙන්නේ කියලා දළ අදහසක් ගත යුතුයි. එම නිසා අදහසක් ලබා ගැනීම සදහා දැනට අපි භාවිතා කරන තාක්ෂනය අතින් උසස් ඝණයේ පරිපථ පුවරු කිහිපයක් හදුනා ගමු. ඒ සමගම සාමාන්‍යයෙන් අප භාවිතා කරන නිවසේ සාදාගත හැකි පරිපථ පුවරුවක්ද මෙහිදී ඔබට දැක ගැනීමට හැකියාව ඇත.

  • දැනට හැමෝද දන්නා Arduino පුවරුවක් (එහි පින්තූරයක් පහත දක්වා ඇත.).
  • ඒ වගේම ලංකාවේ  නීශ්පාදණය වෙන තවත් පුවරු කිහිපයක් (එහි පින්තූරයක් පහත දක්වා ඇත.).

         

         

  

         

  

         

  • නිවරදිව හා මනා නිමාවකින් යුතුව, පරිපථ පුවරුවක් එකලස් කිරීම සදහා ඔබගේ නිවසේ වැඩ මේසයේ අවමය තිබිය යුතු උපාංග, ද්‍රවණයන්, උපකරණ හදුනා ගැනීමේ කොටස මෙතැනින් ආරම්භ වෙයි. ඒ යටතේ, 
    1. පෑස්සුම් කටයුතු සදහා භාවිතා කරන උපකාරක ද්‍රවණ හදුන්වා දීම.
    2. පෑස්සුම් කටයුතු සදහා භාවිතා කරන ඊයම් (වර්ග, ප්‍රමාණ, ස්වභාවය) හදුන්වා දීම.
    3. පෑස්සුම් කටයුතු සදහා භාවිතා කරන MCN-300 ද්‍රවණය
    4. Tweezers
    5. PCB Holder එක  පිළිබඳව දළ අදහසක් ලබා දීම හා භාවිතය පිළිබඳව සදහන් කිරීම.
    6. soldering Iron + ceramic bit පිළිබඳව දළ අදහසක් ලබා දීම හා භාවිතය පිළිබඳව සදහන් කිරීම.
    7. Soldering Iron Holder / Soldering Iron Stand පිළිබඳව දළ අදහසක් ලබා දීම හා භාවිතය පිළිබඳව සදහන් කිරීම..
    8. Tip cleaner එක  පිළිබඳව දළ අදහසක් ලබා දීම හා භාවිතය පිළිබඳව සදහන් කිරීම.
    9. Soldering wick එක  පිළිබඳව දළ අදහසක් ලබා දීම හා භාවිතය පිළිබඳව සදහන් කිරීම.
    10. soldering station (Hot Gun) එක  පිළිබඳව දළ අදහසක් ලබා දීම හා භාවිතය පිළිබඳව සදහන් කිරීම.
    11. Desoldering Pump එක  පිළිබඳව දළ අදහසක් ලබා දීම හා භාවිතය පිළිබඳව සදහන් කිරීම.
  • සාමාන්‍යයෙන් අප භාවිතා කරන (නිවසේදී නිශ්පාදණය කළ හැකි) පරිපථ පුවරු (PCB) වල ස්වභාවය හා ඒවා පිළිබඳව හදුන්වා දීමකින් අනතුරුව, Single layerDual Layer, Multi Layer වැනි ගුණාත්ම බවින් ඉහල පරිපථ පුවරු වල ස්වභාවය හා ඒවයේ ඇති සුවිශේෂිතා පිළිබඳව පිළිබද පාඩමක් මෙහි ඇතුලත් ය (එහි පින්තූරයක් පහත දක්වා ඇත).

         

  • Through hole සහ surface mount device (SMD) යනු මොනවාද. භාවිතයේ ඇති වාසි අවාසි සහ දැන සිටිය යුතු මූලික කොටස් මෙම අනු මාතෘකාව තුල ඇතුලත් කර ඇත. ඒවා පෙන්වමින් උදාහරණ සහිතව මෙහිදී විස්තර කරයි.
  • සාමාන්‍ය පරිපථයක් (නිවසේ සාදාගන්නා) එකලස් කිරීම.  ඒ යටතේ, 
    1. එකලස් කිරීමට ප්‍රථමයෙන් කළ යුතු දෑ,
    2. අනුගමනය කල යුතු පියවර.
    3. මෙම කොටසේ දී පළමුව අයන් එක හා Tip cleaner එක භාවිතා කරන ආකාරය පිළිබඳව ද, නිවරදිව පෑස්සුම් කටයුතු කරන ආකාරය හා පහද දක්වා ඇති රූපසටහනේ ආකාරයට පරිපථ පුවරුව එකලස් කිරීම පිළිබද සම්පූර්ණ කොටසක් මෙම කොටසට අයත්ය.

         

  • ඉන් පසු වැදගත්ම කොටස වන SMD පෑස්සීම සදහා භාවිතා කරන MCN-300 ද්‍රාවනය
      1. MCN-300 ද්‍රාවනය හදුන්වා දීම.
      2. MCN-300 ද්‍රාවනය කල් තබා ගැනීමේ ක්‍රම.
      3. MCN-300 ද්‍රාවනය භාවිතය පහසු කරන ක්‍රම.
      4. MCN-300 ද්‍රාවනය පරිපථ පුවරු සදහා යොදාගන්නා පහසු ආකාරයන්.
      5. MCN-300 ද්‍රාවනය නිවරදිව Mix කර සාදාගන්නා ආකරයන් ඇතුලු සම්පූර්ණ විස්තරයක් මෙම කොටසේ අඩංගූ වෙයි.

  • විශාල කර්මාන්ත ශාලා වල SMD භාවිතා කරමින් MCN-300 මගින් පරිපථ එකලස් කරන ආකාරයද පෙන්වමින්, තමාගේ වැඩ මේසයේ මේවා භාවිතා කරන ආකාරය උදාහරණ සහිතව පැහැදිලි කර ඇත.

         

මිනිත්තු 47ක් පුරාවට මෙම හදුනා ගැනීම් සිදු කිරීමෙන් අනතුරුව, SMD උපාංග සහිත පරිපථ නිවසේදී Soldering අයන්  එක  හා සාමාන්‍ය ඊයම් වයර් පමණක් භාවිතා කර කරගන්නා ආකාරයද, Soldering අයන්  එක හා MCN-300 භාවිතා කර පෑස්සුම් කටයුතු කරගන්නා ආකාරයද, MCN-300 සහ HOT ගන් එක භාවිතා කර SMD උපාංග පෑස්සුම් කටයුතු කරගන්නා ආකාරය හා ඒහා බැදුනු විවිධ දෑ පිළිබඳව මෙතැනින් පටන් ගන්නා කොටස, SMD IC, Resistor, . වැනී දැ භාවිතා කරමින් පරිපථ එකලස් කිරිමේ පාඩම පටන් ගෙන, නිවරදිව උපාංග ගලවා ගැනීම හා ඉතා කුඩා උපාංග පාස්සාගන්නා ආකාරය ඇතුලුව හා පරිගණක මවු පුවරු වැනි, පරිපථ පුවරු එකලස් කිරීම, උපාංග ප්‍රවේසමෙන් ගැලවීම, සැලකිළිමත් විය යුතු කරුණු, දැන සිටිය යුතු දෑ, උපකරන භාවිතය ඇතුලු අවශ්‍යම කරුණු රාශියක් ඇතුලත් කර ඇත. ඒ හැරුනුකොට  Arduino පුවරු, Node-mcu පුවරු පිළිබඳව ද දැනි සිටිය යුතු කොටසක් එක් කර ඇත. පහත ආදර්ශ විඩීයෝ පටයක් එක් කර ඇත. එයින් කිසියම් අදහසක් ලබා ගැනීමට ඔබට හැකියාව ඇත.

Reviews

Write Your Own Review
You're reviewing:Soldering Techniques Self Learning (සිංහල) DVD pack.
Your Rating
Compare Products
You have no items to compare.
Please wait...